ආසියානු අසල්වැසියාට කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා බීජිං සහාය වෙමින්, මියන්මාරය වෙත කොවිඩ්-19 එන්නත් ලබාදෙන බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
අග්නිදිග ආසියානු සංචාරය ආරම්භ කරමින් මියන්මාරය වෙත පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙම අදහස් පළ කළේය. එහිදී මියන්මාර ජනාධිපති යූ වින් මයින්ට් සහ අවුන් සාන් සු ඛී සමග ඔහු සාකච්ඡා පැවැත්වීය.
මියන්මාරයේ සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් ගෙවීගිය ඉරිදා දිනයේ COVID-19 ආසාදිතයන් 555ක් වාර්තා කර ඇති අතර, මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 130,604කි.
"චීනය සහ මියන්මාරය අතර මිත්‍රත්වය තවදුරටත් ගැඹුරු වනු ඇතැයි මා විශ්වාස කරනවා" වැන්ග් යී මියන්මාරයේ අගනුවරදී එරට ජනාධිපති හමුවේ පවසා සිටියේය.
ගෝලීය වසංගතයක් පැවති කාලයක වුවද, වැන්ග් එරටට පැමිණි පළමු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් කෙනෙකු ලෙස මියන්මාර ජනාධිපතිවරයා චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම අගය කළේය.
ඒ අනුව කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීනය මියන්මාරයට අඛණ්ඩව සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින බවත්, වසංගතය හා සටන් කිරීමට අවශ්‍ය සෞඛ්යාරක්ෂක මෙවලම් මෙන්ම, කොවිඩ්-19 එන්නත් ලබාදෙන බවත් වැන්ග් වැඩිදුරටත් සඳහන් කළේය.