උපතින්ම අක්මා රෝගයෙන් පෙලෙමින් සිටියදි මියගිය මාස හතරක් වියැති බිළිදකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙකි බිළිදා නිවස තුල සිටියදි අද (27) උදෑසන මියගොස් ඇත. මියගිය බිළිදාගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි බිළිදාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මියගිය බිළිදාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි.