“ජනපතිතුමාගෙන් ආරාධනාවක් ලැබුණා. බලයට පත්වුණේ සම්මුතියක් තුළින්. යහපාලනය ක්‍රියාත්මක කරන්නේ. 365 දවසම මගේ අරමුණ වුණේ අගමැතිතුමත් ජනපතිතුමත් එකට එකතු කරගෙන ඉදිරියට යෑමයි.
අර්බුදයක් ඇතිවුණාම මගේ අරමුණ වුණේ අරමුණ මුල්කරගෙන පුද්ගලික වාසි ලබාගන්න නෙමෙයි. ප්‍රතිපත්තිගරුක වීම ඉතාමත් වැදගත් වෙනවා. අපට ආචාර ධර්ම පද්ධතියක් තියෙන්න ඕන.
මගේ පක්ෂයේ නායකයෙක් සිටියදි තනතුරු තාන්න මාන්න ලබාගැනීම නෙමෙයි. මගේ අරමුණ වුණේ නායකයන් දෙපළ අතර සංහිදියාව ශක්තිමත් කරමින් ජනතාව බලාපොරොත්තු වුණ සංවර්ධනය ක්‍රියාත්මක කිරිමයි.
අභියෝග භාර ගැනීමට මම කවදාවත් භය වුණෙත් නෑ භය වෙන්නෙත් නෑ. හැම කටයුත්තකදීම ප්‍රතිපත්තිගරුක වෙන්න. මම පමණක් නොවෙයි කරු ජයසූරිය මහතාත් ප්රශත්ත ලෙස හැසිරුණා. මම දරපු ස්ථාවරත්වය නිවැරදියි. දැඩි උත්සාහයක් දැරුවා නිවැරදි ක්‍රමවේදයකට ඉදිරියට යන්න.”
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ප්රජාතන්ත්රවාදයට පයින් ගහලා නව ආණ්ඩුවක් ස්ථාපනය කරලා මුළු මහත් දේශයම අකර්මණ්‍ය කරලා තිබෙනවා. ජපානය ඇමෙරිකානු රටවල් අපට ලබාදෙන්න තිබුණ ආධාර ශක්තීන් නවත්වා තිබෙනවා. මේ ප්‍රශ්ණය විසඳන්න සාධාරණ ක්‍රමය පාර්ලිමේන්තුව තුළ මේ ප්‍රශ්ණය විසඳා ගැනීමයි. අපට පුළුවන් පාර්ලිමේන්තුව තුළ එක් එක් පාර්ශ්වයන් කියන ප්‍රමාණය සත්‍ය අසත්‍යද කියලා තීන්දු කරන්න.
අපිත් බහුතරය තිබෙනවා කියලා. ප්‍රතිවිරුද්ධ කණ්ඩායමත් බහුතරය පෙන්වනවා කියලා. රට විනාශ කරනවා වෙනුවනට අපට ගත හැකි වැදගත්ම පියවර තමයි මේ අර්බුදයට නිදහස් නිවහල් තීන්දුවක් කරා යෑමයි. ඒ කියන්න පුළුවන් එකම ක්‍රමය 14 දා වෙනකම් බලාගෙන ඉන්නේ නැතිව ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවලා කරන්න පුළුවන් ලොකුම දේශප්‍රේමි ක්‍රියාව.
පාර්ලිමේන්තුව කැඳවන්න උනන්දුවක් තියෙන කණ්ඩායමට බහුතරය තිබෙනවා. කැඳවන්නේ නැති අයට බහුතරය නෑ. දේශපාලනයේ සිටින අපි තාවකාලික භාරකරුවන්."