Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
පොදු අපේක්ෂකයා ලෙස තමන් සන්ධානගතව වන විට හිතාගෙන සිටි එක්සත් ජාතික පක්ෂය සෑබෑවටම වෙනස් බවට තේරුණේ ටික කාලයකට පසුව බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඊයේ කොළඹදි පැවැති සේනානායකවරුන්ගේ ගුණ සැමරුමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ඩී.එස් සේනානායක දර්ශනයේත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක දර්ශණයේත් මිශ්‍රණයක් තමයි මෛත්‍රීපාල සිරිසේන කියන්නේ. පොලොන්නරුවේ දීර්ඝ කාලයක් දන්සැල් අතර තරයක් තියෙනවා. එක ඩී.එස්. සේනනයක දන්සල එක්සත් ජාතික පාක්ෂිකයින් දෙන. අනිත් දන්සැල බණ්ඩාරනායක දන්සල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දෙන. මේ දන්සල් හැමදාම තරගයක්. කවුද හොඳට කරන්නේ කවුද වැඩි පිරිසකට කන්න දෙන්නේ කියලා.
දැනට අවුරුදු කිහිපයකට කලින් සේනානායක දන්සල වැහුණා. බන්ඩාරනායක දන්සල කරන මගේ මිත්‍රයින්ට කිව්වා. අපි කළගුණ සලකන්න දැනගන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ මිත්‍රයින්ට කර ගන්න බැරුව සේනානායක දන්සල වැහුණා. බණ්ඩාරනායක දන්සල අද ඉදලා බණ්ඩාරනායක සේනානායක දන්සැල කියලා නම දැම්මා.
2007 සිට ඒ දන්සැල තවම තිබෙනවා. පසුගිය පොසොන් පොහොයටත් දානය දුන්නා. ලබන පොසොන් පොහොයටත් දෙනවා.
මම මේ කතාව කිව්වේ පොදු අපේකෂකයා විදියට 2004 නොවැම්බර්මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන්එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය සමග ජනපතිවරණයට සන්ධාන ගත වෙනකොට කතානායකතුමනි මම හිතාගෙන හිටියේ ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියලා. නමුත් මේ ඒ එක්සත් ජාතික පක්ෂය ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුණේ.
ඩි.එස්. සේනානායක මැතිතුමා සැබෑ දේශප්‍රේමියෙක්. දේශීය කර්මාන්ත, දේශීය කෘෂිකර්ම ප්‍රතිපත්තිය, යුක්තිය, සමාජ සාධාරණත්වය ඩී.එස්. ඩඩ්ලි, එෆ් ආර්. වැනි චරිත වල මහා කැපී පෙනෙන ලක්ෂණ.
දූෂණ වංචාව හොරකම ඒ චරිත වල තිබුණේ නෑ. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය මහ ප්‍රභල යෝධ දේශපාලන පක්ෂයක් බවට ගොඩනැගුණේ. මගේ පක්ෂයට ගරු කරනවා වගේම මම ප්‍රාර්ථනා කරනවා ඩී.එස්. ඩඩ්ලි එක්සත් ජාතික පක්ෂය නැවත අනාගතයේ බිහිවේවා කියලා. ‘‘
popular news
Lakman Tuesday, 23 October 2018 10:42 AM
කල ගුණ නොදත් අපේ ජනපති.
Reply : 0 9
ase Tuesday, 23 October 2018 12:01 PM
මනස්ගාත මිනිසෙක්ගේ ද්වේශ සහගත කතාවක්
Reply : 0 12
Lanka Perera Tuesday, 23 October 2018 01:27 PM
හැමදාම ඕවගේ මෝඩ කතා තමඊ කියන්නේ
Reply : 0 10
Nimal Tuesday, 23 October 2018 04:08 PM
Totally agree with president. He need 3.5 years to understand a situation. We will get answers to today's problems in 3.5 years time, once he realized. Even a grade 2 student know both SLFP and UNP senior politicians are great , smart robbers.
Reply : 0 1
chathuri Tuesday, 23 October 2018 04:41 PM
මේ. වගේ කතා කියලා නැවත මහින්ද එක්ක එකතු. වෙන්නද. යන්නේ පක්ස්හෙයි පාටයි. වැඩක්. නැහැ තමන් හරි නම්. රටේ. ජනාදිපති කියන්නේ. වෙන වැරදි. වලට වගකීම බාරගන්නේ. එතුමා ඒ. වෙනවැරදි මම දන්නේ. නැහැ කියලා කියන්න බැහැ මොනම හේතුවකටවත් අපේ. රටේ නායකයින්ට වැරදුන. තැන තමයි රටේ වටිනා කම නොතේරෙන. එක පක්ෂ නායකයින් වැඩ කරන්නේ නැතිනම්. සියලුම. පක්ෂ අයින් කර හමුදාවයි ,පොලිසියයි , ජනතාව සමග. රට. පාලනය. කරන්න. සාමාන්‍ය ජනතාවට නායකයින්ට වැඩිය මොලේ තියෙනවා. උන් වගේ කාදරත් නැහැ කඩිසරයි
Reply : 0 1
Don Tuesday, 23 October 2018 09:08 PM
This man always irritating and kicking UNPers after getting their votes to climb the ladder
Reply : 0 1
rocky Wednesday, 24 October 2018 07:10 AM
අන්තීම අසාර්ථක පාලකයෙක්. මම ජීවිතේට කරපු ලොකුම මෝඩකම තමයි මෙතුමා බලයට පත් කරන්න චන්දෙ දුන්න එක! අනුන්ට බන කියන්න පළමුවෙන් තමන් ඒ බන පිළිපදින බව පෙන්නුවොත් හොඳයි නේද? සරත් ෆොන්සේකා මහත්තයා කියපු දේ හරියට හරි!
Reply : 0 6
බි.ඩි.එස්.විජේවර්ධන Thursday, 25 October 2018 03:54 AM
තමන් ගේ තනතුර ගැන පමණක් හිතපු , රට ගැන නොසිතූ එකම නායකයා ඔබ වෙන්න ඇති .......දැන් වත් .....කර න්න බැරී නම් දීලා අයින් උනොත් හොඳයි නේද ?
Reply : 8 0
chutta Thursday, 25 October 2018 04:08 AM
දේසපාලන තීරණ ගන්න මොලේ කලඳක් විතර තිබුනට මදි. එම තීරණ වලින් රටට කල විනාසයට දැන් වගකියන්නේ කවුද?
Reply : 0 0
sensa Thursday, 25 October 2018 08:22 AM
ටියුබ් ලයිට් ජනාධිපති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd