මධ්‍යම පළාතින් මේවන විට ඩෙංගු රෝගීන් 2152 දෙනකු වාර්තා වී ඇති බවත් මෙම වසර තුළ මහනුවරින් ඩෙංගු මරණ දෙකක් වාර්තාවී තිබෙන බව මධ්‍යම පළාත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරංග ප්‍රනාන්දු මහතා පවසයි.
මධ්‍යම පළාත් කොරෝනා හා ඩෙංගු ව්‍යාප්තිය මඩලීමේ කමිටු රැස්වීම අද (01)පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති අවස්ථාවේ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයා මේබව ප්‍රකාශ කළේය.
මධ්‍යම පළාතින් වාර්තා වු ඩෙංගු රෝගීන් මහනුවරින් 1267 ක් ද මාතලෙන් 760 ක් හා නුවරඑළියෙන් 125 ක් ලෙස මෙම රෝගීන් වාර්තාවී තිබෙන බවද සුරංගු ප්‍රනාන්දු මහතා පැවැසිය.
මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය සෙසු ප්‍රදේශ වලට වඩා මහනුවර නගර සීමාව,වැරැල්ලගම,උඩුනුවර,යටිනුවර හා කුණ්ඩසාලේ බල ප්‍රදේශ වලත් මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ හා දඹුල්ල නගර සභාවන්ගේ හා උකුවෙල බල ප්‍රදේශවලත් නුවරඑළියේ අඹගමුව බල ප්‍රදේශයේත් වඩා වැඩි බවද ඔහු සදහන් කළේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
චමිල් රූපසිංහ