මහජන ආරක්ෂක අමාත්‍යවරයාට තමන් දුරකතනයෙන් කථා කර ඇත්තේ එක අවස්ථාවක බවත්, ඔහුගේ පුතාට කථා කර නොමැති බවත් මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි පවසයි.
සිය ෆේසබුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කරයි.
තමන් පවසන්නේ අසත්‍ය නම් තමන්ගේ ජංගම දුරකතන අංක දෙක ලබාගෙන එහි බිල් ලබා ගන්නා ලෙසත් ඇය සඳහන් කරයි.
“බණ්ඩාරවෙල කියන්නේ ලස්සන නගරයක්. ඩොටේ කිව්වට සමාවෙන්න. වැරදි කළා නම් දඩුවම් විදින්න ඕන.
මට හරි අසාධාරණයක් වුණා. මම ඒකට මානව හිමිකම් යනවා. චමුදිත ඔයත් එක්ක පෞද්ගලික තරහක් නෑ. අපි ආවේගයෙන් මෙහෙට ආවට මෙහෙ අය අපිට සලකපු විදිහට අපේ හිතුණ තිබුණ තරහ එහෙම පිටින්ම ගියා.
මම හරිම සතුටෙන් මෙහෙ ඉන්නවා. ට්‍රිප් එකක් ආවා වගේ. හිතේ තියෙන එකම දුක දරුවා නැති එක. මම පුතාටත් කිව්වේ ට්‍රිප් එකක් ගියා කියලා හිතන්න කියලා. ”