පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලැබුණ අනතුරු ඇඟවීම් අනුව රජයේ නිලධාරීන් හා අමාත්‍යවරුන් නිසි පරිදි කටයුතු කිරීමට අසමත්වී ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.
සී.එන්.එන්. පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය අයි.එස්.අයි.එස්. සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බව පැහැදිලි තොරතුරු ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
එසේම ලැබුණ තොරතුරු සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කිරිමට කටයුතු නොකළ බවත් ඔහු සඳහන් කළේය.
එසේම ජාතික ආරක්ෂාවට මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය අනුව තමන් අගමැති හා රජය සමග හොඳින් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
“ මේ අවස්ථාවේදි මමත්, අගමැතිත්, රජයත් අපි හැමෝම එකාවන්න කටයුතු කරනවා රට ආරක්ෂිත බව තහවුරු කිරිමට”