රුපියල් කෝටි 07ක් වටිනා චෙක්පත් වංචා කිරීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ මන්ත්‍රී ෂම්මුගනාදන් කුහවර්ධන් මහතා පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව යමින් ඔක්තෝම්බර් 26 සිද්ධියෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සබඳතා පවත්වා තිබෙන බවප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්රීඑම්. වේළු කුමාර් මහතා අද (09දා) පැවසීය.
ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට රුපියල් කෝටි 65ක් ලබාදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කිරීමට කුහවර්ධන් මහතා උත්සාහ දරා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුගිය මාස කිහිපය තුළ කුහවර්ධන් මහතා සහ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ඊට අදාළව පැවැත්වූ දුරකථන සංවාදවල හඬ පට තිබෙන බවත්, මෙම කරුණ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණයක් ගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
වැල්ලවත්ත සපායා හෝටලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.