Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ශ්‍රී ලාංකීය ජනයා ආගම් භේදයකින් තොරව දෙවියන් උදෙසා වන්දනාමාන කිරීම දුරාතීතයේ පටන්ම පැවතිණි. මිනිස් දුක්ගැනවිලි, බලාපොරොත්තු සඵල කර ගැනීම් සඳහා දේව පිහිට පතයි. එලෙස ඔවුන්ගේ වන්දනාමානයන්ට පත්වුණු දෙවිවරුන් අතරින් කුඩා දරුවන්, තරුණයන් මෙන්ම වැඩිහිටියන්ද වඩාත් ගරුත්වයක් දක්වන, විශ්වාස කරන ඉතාමත් ආකර්ෂණීය රූප ස්වභාවයක් හිමි ගණ දෙවිඳුන් සමාජය තුළ වඩාත් කතාබහට ලක්වේ. ගණ දෙවි නැමදීම සහ ඉන් ලැබෙන ශුභඵල පිළිබඳව කළුතර පයාගල, ශ්‍රී රාවණ ජ්යෝතීර්වේද සහ වාස්තු විද්‍යා සේවාවේ ජ්‍යෝතිෂ කුමාර වෙත්තමුණි මහතා දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් වී ඇත.
ගණ දෙවියන් විවිධ නම්වලින් ආමන්ත්‍රණය කිරීමද ඈත අතීතයේ පටන් ප්‍රාදේශීය වශයෙන් සහ ජනවර්ගවලට අනුව සිදුවිය. ඒ අතර පහතරට ජනතාව අතර ගණ දෙවියන් ලෙසද, උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත් ආශ්‍රිතව පුල්ලෙයාර්, පුල්ලෙයාර් අප්පච්චි ලෙසින්ද හින්දු ජනයා අතර ගනේෂ් යන නමින්ද ආමන්ත්‍රණය කරනු ලබන්නේ අද අප කතාකරන ගණ දෙවියන්වය. එමෙන්ම මහ ගනේෂ, වල්ලභ ගනේෂ, බාල ගනේෂ, වීර ගනේෂ, හේරම්භ ගනේෂ, ශක්ති ගනේෂ, ධරණි ගනේෂ, සිද්ධි ගනේෂ, බුද්ධි ගනේෂ, නෘත්‍ය ගනේෂ ආදී නම් වලින්ද ගණ දෙවියන් හඳුන්වන අතර, ගණ දෙවියන් විවිධ කාර්යයන් සපුරා ගැනීම උදෙසා වන්දනාමාන කිරීමට ජනයා පුරුදුව සිටියි.
එමෙන්ම අනෙකුත් දෙවිවරුන් අතර සිටින විශේෂතම දෙවි කෙනෙකු ලෙසද ගණ දෙවියන්ව හැඳින්වේ. මන්ද නිවෙස්වල, ගෙමිදුල, මාර්ග ආශ්‍රිතව, වෘක්ෂ මූල ආශ්‍රිතව මෙන්ම හේන් ගොවිතැනේදීද ගණ දෙවියන් වන්දනාමාන කිරීමට හැකි වන නිසාය. ගණ දෙවිඳුන් වන්දනාමාන කරනා සියලුම බැතිමතුන් උදෙසා අනිවාර්යයෙන්ම සෙත් ශාන්තිය ඉක්මනින් උදාකරන මහා බල පතුරන දෙවි කෙනෙක් බවට ඈත අතීතයේ පටන්ම ජනතාව තුළ ගණ දෙවිඳුන් පිළිබඳව විශ්වාසයක් තිබේ. එමෙන්ම පැරැන්නන් වනාන්තරයේ ඇවිදීමට යාමට පෙර ගණ දෙවිඳුන් සිහිපත්කොට අතු කැබැල්ලක් ගසක එල්ලා ඇතුළු වීමෙන් සතා සිවුපාන්ගෙන් මෙන්ම අනෙකුත් බාධා අනතුරුවලින් ආරක්ෂා වන බව විශ්වාස කළෝය. එම විශ්වාසය කිසි දිනක පළුදු නොකරන්නට උන්වහන්සේ කටයුතු කරන බවද එකී පැරණි ජනයාගේ මතයයි.
එමෙන්ම දසවිද නාමයන්ද, විශේෂ නාම අවතාර 18කින්ද, වෙනත් නාමයන් 108ක්ද භාවිත කරමින් ගණ දෙවි වන්දනාවන් වලදී ප්‍රධාන පූජාවන් පැවැත්වීමට ජනතාව කටයුතු කරන අතර, කුමන ආකාරයකින් වුවද මහත් භක්තියෙන්, ආදර ගෞරවයෙන් ගණ දෙවියන් හෙවත් පුල්ලෙයාර් අප්පච්චි පුද නමස්කාර කරන බැතිමතුන්ට පිහිට ආශිර්වාදය ලබාදෙන බවත් සමාජය තුළ පිළිගත් මතයකි.
ගණ දෙවියන් හෙවත් පුල්ලෙයාර් දෙවියන් උදෙසා වන්දනාමාන කිරීමට බොහෝදෙනා පෙළඹී ඇත්තේ තමන්ගේ කටයුතු තම තමන්ගේ සිතුම්පැතුම් අනුව ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකි බව විශ්වාසයක් පැවතීම හේතුවෙනි. තමන් වහන්සේ උදෙසා ආදරය, ගෞරවය, විශ්වාසය දක්වන කුඩා දරුවන් සම්බන්ධ කටයුතුවලදී විශේෂ ආශිර්වාදයන් ලබාදෙනවා සේම තමන්ගේ සියලු බැතිමතුන්ට ආශිර්වාද සලසා දෙයි. එහෙත් ගණ දෙවියන් යනු කොන්ත්‍රාත්කරුවෙක් හෝ කුලී සේවකයෙකු නොවන බවද ගණ දෙවිඳුන්ට වන්දනාමාන කරන බැතිමතුන් තේරුම්ගත යුතුය. පුදපූජා පැවැත්වීමෙන් දෙවියන් ආකර්ෂණය කරගැනීම සඳහා රැවටිය නොහැකි බලවත් දෙවි කෙනෙකුන් බැවින් දේවාල, කෝවිල් වැනි පූජනීය ස්ථානවලට ගොස් පුදසත්කාර කොට ඒ වෙනුවෙන් දෙවිඳුන්ට කොන්ත්‍රාත් ලබාදීමට කටයුතු කරන්නේ නම් එය ඔබ විසින් කරගන්නා ලද බලවත් වූ වරදකි. මන්ද ගණ දෙවියන් උන්වහන්සේ උදෙසා මහත් වූ භක්තියකින්, ගෞරව ආදරයෙන් වන්දනාමාන කරන බැතිමතුන්ගේ සිතුම්පැතුම් ඉෂ්ට සිද්ධ කර දීමෙන් සියලු ආරක්ෂාවන් ලබාදීමට කටයුතු කරන්නේ ස්වභාවයෙන්මය. එම නිසාම වෙනත් දෙවියන්, යක්ෂයින් හට පුද සත්කාර ලබා දී තමන්ගේ කාර්යයන් ඉෂ්ට කරගැනීමට මෙන්ම ලාභ ප්‍රයෝජන තකා ගණ දෙවියන් සේවකයෙකු කරගත නොහැක.
දෙවිදේවතාවුන් වහන්සේලා උදෙසා වන්දනාමාන කිරීමට උදේ සහ රාත්‍රී විශේෂිත වූ වේලාවන් තිබුණද, ගණ දෙවිඳු නැමදීමට, වන්දනාමාන කිරීමට දවසේ ඕනෑම වෙලාවක හැකිය. තවද විශේෂයෙන් දවසේ අලුයම බ්‍රහ්ම මූර්තියෙන් (බ්‍රහ්ම මූර්තිය යනු දවසේ සූර්ය උදාවට පෙර සිංහල පැය හයක් තිබියදී උදාවන කාලයයි. එනම් හිරු උදාව උදේ හයට වේ නම් ඉංග්‍රීසි පැයවලින් අලුයම 03.36න් පසුව උදාවන්නේ බ්‍රහ්ම මූර්තියයි.) බුද්ධ වන්දනාව සිදුකර ගණ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කර මෙම විශේෂිත වූ ගණ දෙවි වන්දනාව සිදුකිරීමෙන් තමන් ප්‍රාර්ථනා කරන්නා වූ කාර්යය ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකිය.
මෙහිදී මෙම වන්දනාවට පෙර ජලය වීදුරුවක් පානය කර ස්නානය කිරීමෙන් හෝ ශරීරය සම්පූර්ණයෙන් පිරිසුදු වී, පිරිසුදු ඇඳුමකින් සැරසී, මුඩ්ඩ සහිත පොල් ගෙඩියක් ගෙන කපුරු පෙති තුනක් ඒ මත දල්වා පහත සඳහන් නමස්කාරාධනාව සඡ්ඣායනා කරන්න. (සියලු කාර්යයන්ට පෙර කහ පැන් ඉස පොල් ගෙඩියද දියරවලින් සෝදන්න)
ගණ දෙවි මුල් මන්ත්‍රය
ඕම් ශ්රීම ගම් සෞභාග්‍ය ගණ්පයේ වර්වද්
සර්වජනම් මේ වශවානයේ නමඃ
නමස්කාරාධනාව
භරියොම් ත්‍රී පුර සංඛාර විග්නේශරූපාය
ඩං ඩං සරණං සරණං න්යෙයම්
නම්බි නෙම් වා වා
ගණපති ඕං කලිවුම් අං උං ගණපති මහා ගණපති
එන්නෙයි විලුම් මනදිලයුම් නික්ක සීවා
ඉන්පසුව පොල් ගෙඩිය මුහුණ වටා දක්ෂිණාවර්ථව තුන් වරක් කරකවා අසුන මත තබා පහත නමස්කාරය තුන් වරක් කියන්න.
ගණ පති පරිවාරාම් - චාරුකෙයුර හාරම්
ගිරිධර වරසාරම් - යොගිනි චන්ද්රාවරම්
භව භය පරිහාරම් - දුක්ඛ දාරිද්‍ර ධූරම්
ගණපති මාභිවන්දෙ - චක්‍ර තුණ්ඩාව තාරම්
ඉන්පසුව ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරදෙන ලෙස ගණදෙවියන්ට මහත් වූ භක්තියෙන් සැළ කර සිටින්න.
එමෙන්ම බුද්ධ වන්දනාවෙන් අනතුරුව මෙම ගාථා සජ්ඣයනය කොට ගණ දෙවිඳුන්ට පුණ්‍යානුමෝදනා කිරීමද සිදුකරන්න.
යං අම්මේහි කතං පුඤ්ඤං
සබ්බ සම්පත්ති සාදකං
ගණපති දේවරාජාණං
අනුමෝදන්තු සාදරං
ඉහත සඳහන් බ්‍රහ්ම මූර්තිය විශ්වයේ ඉතාමත් බලවත් වූ මූර්තිය බැවින් එවැනි වේලාවන්හී බුදුන් නැමද ගණ දෙවිඳු වන්දනා කිරීම තුළින් ඉක්මන් ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකියාව ඇත. උදෑසන හිරු නැගෙන වේලාව සහ සවස හිරු බැස යන හෝරාව තුළද ගණදෙවියන් වන්දනා කරන අය තමන් පහසු පරිදි වෙන් කරගෙන ඇති වේලාවන් තුළ වුවද එම කටයුතු සිදුකිරීමද වරදක් නොවේ.
ගණ දෙවියන් නිවැරදි ආකාරයෙන් නැමදීම තුළින් ගණ දෙවියන්ගේ බැතිමතුන්ට ලැබෙන ප්‍රතිඵල බොහෝය. විශේෂයෙන්ම කුඩා දරුදැරියන්ගේ අධ්‍යාපනය, නැණ නුවණ, සෞභාග්‍යය, යන්ත්‍ර මන්ත්‍ර ආදී ශාස්ත්රයන්ට ගණ දෙවිඳුගේ ආශිර්වාදය ඉමහත්ව ලැබේ. එමෙන්ම අණවිණ කොඩිවින, අංගම් පිල්ලි සූනියම් සේම බන්ධන, පෙම්වතුන්ට සර්ව ආරක්ෂාව, සැප සම්පත් ලැබීමද ගණ දෙවියන් නමස්කාර කිරීමෙන් ලැබෙනු ඇත. තවද වස්දොස් නිවාරණය, සෞඛ්‍ය සම්පත්ති, පිංවත් දරුඵල, අසාධාරණයට අයුක්තියට මැදි වූ ජනයාගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව, නිසි කලට අව්වැසි, භවභෝග සම්පත්තිය, ගව සම්පත් ආරක්ෂාවට, පොළෝ තලයේ සැඟවී ඇති මුතු මැණික් ලබාගැනීම, වස්තු සම්පත, භූමි සම්පත, ධන සම්පත මෙන්ම සකල කලාවන් ප්‍රගුණ කිරීමේ ප්‍රඥාව, නවග්‍රහ දෝෂ නිවාරණය, ඥාන ශක්තිය, ධාරණ ශක්තිය ලබාගැනීමට, ආයු ආරක්ෂා කර ගැනීමට, ගේදොර කටයුතු මෙන්ම රැකීරක්ෂා යනාදී කරුණු කෙරෙහිද දෙවි දෝෂ, ඇස්වහ, කටවහ දෝෂ නිවාරණය කර සෞභාග්‍යය උදාකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
විමසීම් - 0767 206478
popular news
Don Monday, 25 January 2021 11:05 AM
Can't we appoint Ganesh to control COVID ?
Reply : 0 0
rocky Monday, 25 January 2021 05:22 PM
mahaththayo,minis sithata suwaya genena dewal budu dahamehi bohoma hondin pahadili karanawa. oya ali oluwak thiyana bahu boothayaa adahuwe nathuwata. nikaam minissunwa mithyaawata thawa thawath namburu karanna epa. noogath minisunwa nomaga yaweema mahaa akusala karmayak !!
Reply : 0 1
rocky Monday, 25 January 2021 05:41 PM
waasthu widyaa kaarayan kiyalaa nugath minisun rawatalaa garana kapati jaawaran kaarayo ralakuth rate innawa. niyama washayen waasthu widyaawa kiyanne "ARCHITECTURE" kiyana vidyaathmaka wishayatayi. me yakku boru saasthara wagayak allaagana gewal gaane tharawu kaarayanwa daala hodisi karalaa " linda athana thiyenna honda natha, uluwassa methana thibunaama apalayi" wage keppa kelalaa baya gannala, moda minisunwa rawatanawa. munta rawatenna epa. Mage massinaage gedara linda thibuna mullen apalayi kiyala eka waasthuwekuge keema ahalaa miniha linda wahalaa damma. Maasa kihipayak giye naha, miniha akaale maruna. Dan gedara minisunta samahara kaalawaladi bonnawath wathura naha!! mata waasthuwaa ahu unoth okage hombata aninawa!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd