මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ඊයේ දිනයේදී නව ආසාදිතයන් 110ක් වාර්තා වී තිබේ.
එම පුද්ගලයින් 110 දෙනාම මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව එම පොකුරට සම්බන්ධව මේ වන විට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 1901කි.
එයින් 1041ක් ඇඟළුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි පුද්ගලයන් 860 එම සේවකයන්ගේ ආශ්‍රිතයන් වෙයි.