කොරෝනා රෝග ආසාදිතයින් 30 දෙනෙකු පමණ හමුවීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය පාලනය පිණිස මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්ඔළුව නැගෙනහිර සහ ගල්ඔළුව බටහිර යන වසම් දෙක ඊයේ සවස සිට යළි දැනුම් දෙන තුරු හුදෙකලා කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
මෙම වසම් දෙකෙහි 7000 ක පමණ ජනගහනයක් වෙසෙන බැවින් තත්ත්වය පාලනය පිණිස අදාල අංශ සමග සාකච්ඡා කොට මෙම තීරණය ගනු ලැබූ බව දිසාපතිවරයා සදහන් කළේය.
ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවට හදුනාගෙන සිටින පවුල් සදහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරියට උපදෙස් ලබා දී තිබෙන බවද දිසාපතිවරයා කීය.
රෝග තත්ත්වය ව්‍යාප්තිය පාලනය කර ගැනීම පිණිස සංචරණය සීමා කරමින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල වැසියන්ගෙන් ඉල්ලා සිටින බව සදහන් කළ සුනිල් ජයලත් මහතා , කඩිනමින් හුදෙකලා තත්ත්වය ඉවත් කරලීමට සහාය වන ලෙස ඉල්ලා සිටින බවද පැවසීය.
ගම්පහ තිලකරත්න දිසානායක