මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 118 දෙනෙක් (31) වන විට හමුවී ඇති අතර එක්අයෙකු මියගොස් ඇතැයි මොනරාගල අතිරේක දිසාපති චන්දනලොකුහේවගේ මහතා පැවසීය.
බඩල්කුඹුර අලුපොත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබිණි.
රෝගීන් හමුවී ඇති සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙසේය.
බඩල්කුඹුර 57,වැල්ලවාය 38,සියඹලාණ්ඩුව 06, සෙවනගල 05,බුත්තල 04,මොනරාගල 03,බිබිල 02,මැදගම 02,තණමල්විල 01
මොනරාගල දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් 601 දෙනෙකු නිවෙස් වල නිරෝධායනය වෙමින් සිටින අතර ඔවුන්ගේ පවුල්වලට රුපියල් දසදහසක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පියවරගෙන තිබේ. නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙසේය.
මොනරාගල 118,සියඹලාණ්ඩුව 136,මඩුල්ල 06, මැදගම 36,බිබිල 15,බඩල්කුඹුර 55,බුත්තල 60 වැල්ලවාය 104,තණමල්විල 35,සෙවනගල 25,කතරගම 09
මොනරාගල සුමනසිරි ගුණතිලක