මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවළ කැණීම් කටයුතු තාවකාලිකව නවතූ කැණීම් කටයුතු නැවත ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්. රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම් සමූහ මිනිවළ කැණීම් කටයුතු තාවකාලිකව පසුගිය 10 වැනිදා නවතා දැමූ අතර, 56 වන දිනට ඊයේ (21දා) නැවත ආරම්භ කොට ඇත. අදාළ සමූහ මිනිවළ තුළින් මේ වන විට මිනිස් සිරුරු 66 කට අදාළ අස්ථි කොටස් හමුවි ඇත.