මන්නාරම සමූහ මිණිවලේ අස්ථි සාම්පල ඇමරිකාවට රැගෙන යාමෙන් පසුව නැවත සිදු කල කැනීම් වලදී අද (06) වනවිට මිනිස් සිරුරු 312ක් හමු වී ඇති අතර එම සිරුරු අතර ළමා ළමා සිරුරු 26 ක් දක්වා වැඩි වී ඇති බව මන්නාරම සමූහ මිණිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අද (06) දින මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු 139 වන දිනට සිදුවන අතර හමු වූ මිනිස් සිරුරු 312 න් මිනිස් සිරුරු 297 කට අයත් අස්ථි කොටස් මේ වනවිට ගොඩගෙන එම අස්ථි මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කොට ඇති බවට වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේය.
ඇමරිකාවට යවන ලද අස්ථි සාම්ඵලයන්හි කාල නිර්ණ වාර්තාව මේ මස 08 හො 09 යන දිනයන්හි ලැබෙනු ඇතියි අපේක්ෂා කරන අතරම අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබඳ වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට අදාළ රසායනාගාර දැනුවත් කොට ඇති බවද වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසයි.