මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණිවලේ මේ දක්වා සිදු කරන ලද කැනීම් කටයුතු වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 266 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙසේ හමු වූ ඇටසැකිලිවලින් 266 වන ඇටසැකිල්ලේ කකුල් වල අස්ථි කිසියම් ලෝහයකින් බැඳ ඇති ආකාරයක් දැක්වෙන අස්ථියක් හමු වූ බවටත් එම අස්ථිය මන්නාරම් මහෙස්ත්‍රාත් ආර්.සරවනාරාජා මහතාගේ අධික්ෂණය පිණිස අධිකරණය වෙතට යොමු කොට ඇති බවටත් අදාල ලෝහය කුමන ආකාරයක එකක්දැයි හරියටම මෙතෙක් අනාවරණය වී නොමැති බවටද කැනීම් සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.