තලෙයි මන්නාරම, මන්නාරම හා පුනරීන් මුහුදු වෙරළවලට මේ දිනවල ඉන්දියානු සමාගම්හි ලිපිනයන් සඳහන් විවිධ අපද්‍රව්‍ය ගොඩගැසීම හේතුවෙන් මසුන් විශාල ලෙස මියයෑම ඇතුළු පාරසරික ගැටලු රැසක් මතුව ඇතැයි මන්නාරම ධීවරයෝ පවසති.
මීට ඉහතදී පුත්තලම වෙරළට ගොඩගැසූ මෙම අපද්‍රව්‍ය මේ වන විට මන්නාරම් වෙරළට ගොඩ ගැසීම හේතුවෙන් උතුරු මුහුදු වෙරළ සාමාන්‍ය ජනතාවට මෙන්ම ධීවරයන්ට අහිමි වීමේ අවදානමක්ද පවතින බවද ඔවුහු ප්‍රකාශ කරති.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් අද (20දා) දිනයේදී අදාළ ඉන්දියානු අපද්‍රව්‍ය විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට පියවර ගෙන ඇති අතර, එම අපද්‍රව්‍ය හිමිකරුවන් පිළිබඳවද පරීක්ෂා කිරීමට නියමිතය.
වවුනියාව - මධුෂංඛ අමරසිංහ