මියන්මාර රාජ්‍යයේ ප්රජාතන්ත්රවාදය යටපත් කරමින් පිහිටුවා ඇති හමුදා පාලනයට ශ්‍රීලංකා රජය සහය නොදිය යුතු බව පවසමින් මන්නාරමේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
මන්නාරම දිස්ත්‍රීක් සමාජ ආර්ථික සංවර්ධන සංවිධානය විසින් මන්නාරම දිස්ත්‍රීක් මහජන ක්‍රීඩාංගනයේදී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
මෙම විරෝධතාවය වෙනුවෙන් තවද මානව හිමිකම් ක්‍රියාකාරීන්, සිවිල් සමාජ සාමාජිකයින්, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්, යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.
එහිදී විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් කියා සිටියේ,
‘මේ වන විට මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී නායකයින් සිරගත කොට ඉතා දරුණු පාලනයක් රැගෙන යිමන් ජනතාවට පීඩාවන් සිදුකරන හමුදා පාලනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කඩිනම් පියවරක් ගෙන මියන්මාරයේ ජනවාර් ගික, දේශපාලනික හා මූල්‍යමය අයිතිවාසිකම් තහවුරු කල යුතු බවටයි.
එමෙන්ම හමුදා පාලනයක් ගෙන යමින් මහජනතාව පීඩාවට පත්කරමින් සිටින මියන්මාර වත්මන් පාලනයට ශ්‍රීලංකා රජය කිසිසේත් සහය ලබා නොදිය යුතු බවටය.