මන්නාරම රදගුරු නිල නිවාසයේ අයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද (09දා) දින තහවුරු වීමත් සමග රදගුරු නිවසින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුල්වීම නවතා දමා ඇති බව මන්නාරම පොලීසිය පවසයි.
කටුනේරිය ප්රදේශයේ පදිංචි පෙදරේරුවෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහුට පැවති උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මන්නාරම රෝහලෙන් පසුගිය 07 වනදා ප්රතිකාර ලබා එහිදී පී.සී.ආර්. පරික්ෂණයකටද මුහුණ දී රෝහලෙන් පිටව ගොස් ඇත.
එහිදී සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කොට ඇති අතර එම වාර්තාවේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මේ වන විට අදාළ පුද්ලයා ඇසුරු කරන ලද සියලු පිරිස හඳුනාගනිමින් සිටින බවටත් මන්නාරම රදගුරු නිවසේ සිටි පියතුමන්ලා ඇතුලු සියලු පිරිස් නිරෝධායනයට ලක් කරමින් පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමු කොට ඇති බවටද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.