මන්නාරම කීරි මුහුදු වෙරළේ යටවී තිබූ මොටාර් උණ්ඩයක් ඊයේ (09) දින හමුවූ බවට මන්නාරම් පොලීසිය පවසයි.
කීරි මුහුදු වෙරළේ යටවී තිබියදී අඩට මොටාර් උණ්ඩයේ අඩක් මතුව තිබී ප්රදේශයේ ධීවරයෙකු විසින් දැක ඒ බව මන්නාරම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට පැමිණ මොටාර් උණ්ඩය රැගෙන යාමට පියවර ගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම මොටාර් උණ්ඩය වලදමන්නට ඇති බවට පොලීසිය සැක පල කරන අතර සොයාගත් මෝටාර් උණ්ඩය මන්නාරම් අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව නිශ්ක්රීය කිරීමට පියවර ගෙන ඇති බවටද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.