මුන්දලම කරිකට්ටිය ප්රදේශයේ අද ( 16) දින දහවල් ඉන්ධන ප්රවාහනය කරනු ලබන බවුසරයක මෝටර් රථයක් ගැටි එක් අයකු මරණයට පත්වු බව මුන්දලම පොලීසිය පවසයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ මාලඹේ තලවතුගොඩ වැලි පාර පදිංචි 43 හැවිරිදි නිශාන්ත මංජුල සිල්වා නැමති අයෙකු බව පොලීසිය පවසයි.
කොළඹ සිට පුත්තලම පාලවිය සිමෙන්ති සමාගමට ඉන්ධන ප්රවාහනය කරමින් තිබු බවුසරයක අනුරාධපුර සිට කොළඹ බලා ගමන් ගනිමින් තිබු මෝටර් රථයක් ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.
අනතුර සිදුවන අවස්ථාවේදි මෝටර් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති අතර එයින් එක් අයකු මරණයට පත්ව ඇති බවත් අනෙක් පිරිස සුළු තුවාල ලබා ඇති බව රෝහල් ප්රකාශකයකු පැවසිය.
අනතුරට පත් මෝටර් රථයේ ගමන් ගත් පිරිස අනුරාධපුර ජය ශ්රී මහා බෝධින් වහන්සේ වන්දනා කර ආපසු නිවෙස් බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.
අනතුරට පත්වු පිරිස 15 දින මාලඹේ සිට පැමිණ ඇති බවත් මොවුන් සමග තවත් වාහන දෙකක් ගමන් කර තිබු බවද අනතුර සිදුවන අවස්ථාවේ එම පිරිස පසුපසින් කිලෝමිටර් ගණනාවකට ඈතින් පැමිණ ඇති බව පැවසේ.
අනතුරට හේතුව මෝටර් රථයේ රියදුරාට නින්ද යාම විය හැකි බවට පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධව ඉන්ධන බවුසරයේ රියදුරා මුන්දලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.