මුන්දලම සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට ඉකුත් සතියේ සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ වලින් 13දා තහවුරු වී ඇතිබව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මෙම පවුලේ පිරිසෙන් දරුවන් දෙදෙනෙකු මුන්දලම සිංහල විදුහලේ සහ බත්තුලූඔය රජයේ විදුහලේ අධ්‍යාපනය ලබන අතර එම පවුලේම 21 වියැති තරුණියක් හලාවත අධ්‍යාපන කලාප කාර්යාලයේ සේවය කරන බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
තවද එම පවුලේ වැඩිහිටියෙකු සංචාරය කරමින් මාලූ අලවිකරන බවට ලැබුණු තොරතුරකට අනුව එම තොරතුර පිළිබඳව සෙවීමටද සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂණයක් ආරම්භකර ඇත.
මේ අනුව දරුවන් අධ්‍යාපනය ලබන පාසල්වල එම පන්තිවල සියලුම සිසුන් සහ පන්තිභාර ගුරු භවතුන් දින 14ට නිවෙස්වලම ස්වයං නිරෝධායනයකට යොමු කිරීමටත් කලාප කාර්යාලයේ නියුතු ලිපිකාරිනියගේ ආශ්‍රිතයින් නිවෙස් වලම ස්වයං නිරෝධායනයකට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
තවද ආසාධිත පවුලේ ආශ්‍රිතයින්ද ස්වයං නිරෝධායනයකට යොමුකර ඇත. ආසාධිතයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්රතිකාරක මධ්‍යස්ථා වෙත යොමුකර ඇත නිරෝධායනය කර ඇති ආශ්‍රිතයින් සියල්ල සම්බන්ධයෙන් පී. සී. ආර්. පරීක්ෂණ පැවත්වීමට නියමිත බව මුන්දලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.
ලලිත් ඒ. කේ. නවරත්න