කොළඹට එළවලු රැගෙන ගොස් ආපසු මුන්දලමට එමින් තිබු කැබ් රථයක සගවා ප්‍රවාහනය කරමින් තිබු ලක්ෂ 60 කට ආසන්න අයිස් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් හමුදා බුද්ධි නිලධාරින් හා මුන්දලම පොලීසිය එක්ව කල මෙහෙයුමකදී අද ( 1) දින අත් අඩංගුවට ගත් බව පැවසේ.
අදාල අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්ස් 47 ක්ද හොරෝයින් ග්‍රැම්ස් 12 ක්ද තිබු බවත් මෙම මත්ද්‍රව්‍ය කිසිවකුට සැක නොසිත ලෙසට එළවලු ප්‍රවාහනය කරනු ලබන කැබ් රථයේ රියදුරු ආසනයට යාබදව කුඩා පෙට්ටියක බහා සගවා තිබු බව කියයි.
මෙම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අදාල කැබ් රථයේ රියදුරු පාලවිය පුලිදිවාසල් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 ක අයකු බවද කියයි.
මොහු මුන්දලම කඩයමොට්ට ප්‍රදේශයේ සිට නිරත මැනිං මාකට් වෙත එළවලු රැගෙන යන බවත් එළවලු දමා ආපසු එන අවස්ථාවේ කිසිවකුටත් සැක නොසිතන අයුරින් අවස්ථා තුනකදී මෙලෙස මත් මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බවට පොලීසිය සිදුකල විමර්ශන වලදි අනාවරණය කරගෙන තිබේ .
අදාල සැකකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ තමන්ට කොළඹ මැනිං වෙළද සංකිර්ණය අසලදි අවස්ථා තුනකදී කල්පිටිය ආලංකුඩා පදිංචි පුද්ගලයකුට ලබා දිමට මෙලෙස පාර්සල් ලෙස සකසා පුද්ගලයකු ලබා දුන් බවයි .
අදාල කැබ් රථය පුත්තලම මුලස්ථාන පොලීසියේ සුනඛ ඒකකයේ නිලධාරින් සැන්ඩ්‍රා නැමති මත්ද්‍රව්‍ය සදහාම සිටින සුනඛයා දමා දැඩි සෝදිසි කිරිමකට ලක් කෙරුණි .
සිද්ධිය සම්බන්ධව මුන්දලම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලියු .එම් .අසිත ලක්රුවන් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ඉදිරි විමර්ශන අරඹා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරිම සදහා අධිකරණයෙන් විශේෂ අවසරයක් ලබා ගැනිමට නියමිතව තිබුනී.