නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ කැලෑවක කෝපි ගසක් මත මිය ගොස් සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර කොටියාගේ සිරුර නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් නාවලපිටිය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර මහේස්ත්රාත්වරයාගේ නියෝගයක් මත මියගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා මිනිපේ පශ්‍ර වෛද්‍ය රෝහල වෙත ඊයේ දින යොමු කළ බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ වගා භූමියක සතුන් දඩයම් කිරිම සදහා දඩයම්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වි ඇති කදුකර කොටියා මන්ද කඩාගෙනවිත් මන්ද අටවා තිබු මුගුර සමග කෝපි ගසක නැගිමෙන් පසු එහිදි කෝපි ගසේ මන්ද සහිත මුගුරු සිරවිම නිසා කොටියා ඉන් මිදිමට උත්සාහ කල අවස්ථාවේ කොටියා මිය ගොස් ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.
මියගොස් ඇත්තේ කොටි දේනුවක් බවත් , මියගිය කොටියා අවු 7ක් පමණ වයසැති සතෙකු බවත් , කොටියා මන්දට හසු විම නිසා කොටියාගේ උදරය ප්‍රදේශය දැඩි ලෙස තුවාල සිදු වි තිබු බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියාසිටියේ.
වනසතුන් දඩයම් කිරිමට දඩයම්කරුවන් විසින් අටවන ලද මදුවලට මෙවැනි දුර්ලභ ගණයේ කොටියන් හසු වන බවත් , වනසතුන් දඩයම් කිරිම සදහා මදු ඇටවිමෙන් වැලකි සිටින ලෙසයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා නාවලපිටිය මාපකන්ද ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියේ.
මන්ද ඇටවු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විමර්ශනයක් ද ආරම්භ කල බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ.