මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් පසු, සීසීටීවී දර්ශන නිරීක්ෂණය මගින් සමීප ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගත් බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සඳහා 2021-01-19 දිනයේ ද, පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් නොවන 2021-01-21 දිනයේ සුළු වේලාවක් සඳහා ද, පාර්ලිමේන්තුවට පැමිණ ඇත.
මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන නිසි පරිදි පිළිපැදීම හේතුවෙන් මෙම දින දෙකේ දී ම, සමීප ආශ්‍රිතයන් වශයෙන් කිසිදු මන්ත්‍රීවරයකු නම් කළ නොහැකි බවට, සීසීටීවී දර්ශන නිරීක්ෂණයේ දී පැහැදිළි වී ඇති අතර එසේ වුව ද, එකී දිනයන්හි දී, වසන්ත යාපා බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සිට ආපසු යන තෙක් කාලවේලාවන් අතරතුර සුළු වශයෙන් ඇසුරට පත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණ දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
තවද, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අදාල ස්ථාන විෂබීජානුහරණ කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බවත්, අද දින 190 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරන ලද බවත්, ඒ අනුව, මේ වනවිට ගරු මන්ත්‍රීවරුන් ද, ඇතුළුව, 1400 ට අධික පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බැව් වේත්‍රධාරි විසින් තහවුරු කර ඇත.