පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්රයා කළ පහර දීමකින් තුවාල ලැබූ ඇමති ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරියකු රෝහල්ගත කර තිබේ. ඊයේ (29දා) රාත්රියේ මෙම පහරදීම සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර කුමාර මහතාද හලාවත පොලීසියට පැමිණ කර තිබේ, ඔහු පවසා ඇත්තේ තම ආරක්ෂාවට ලබාදුන් පොලිස් කොස්තාපල්වරයා බීමතින් ආරවුලක් ඇතිකර ගැනීමෙන් පසුව තම පුත්රයා කළ තල්ලුකිරීමකින් ඔහු වැටී තුවාල සිදුව ඇති බවයි. හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණය පවත්වයි.