බිංගිරිය ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධව අත්අඩංගුවට පත් පිරිසකට ඇප ලබාගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
අද (18දා) පෙරවරුවෙදී ඔහු මෙම ප්‍රකාශය ලබා දී තිබේ. මෙම අත්අඩංගුවට පත් පිරිස හෙට්ටිපොළ පොලිස් ස්ථානයේ රඳවා තබා තිබූ අතර මන්ත්‍රීවරයා පැමිණ ඔවුන්ව තම ජීප් රියට නංවාගෙන් බිංගිරිය පොලීසියට ගෙන ගොස් ඇප ලබාගැනීමට උත්සාහ කරන අයුරු එම වීඩියෝ පටයේ දැක්වෙයි.