නව පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය යටතේ ගමට මන්ත්‍රීවරයෙකු පත්කර ගත්තද මන්ත්‍රීවරුන් මහජන අපේක්ෂාවන් බිඳ දමමින් සිටින බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.
නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගිය බවද එම සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
එහෙත් මන්ත්‍රීවරුන්ගෙන් අතිබහුතරයක් ජනතාව වෙනුවෙන් සේවය නොකිරීම නිසා ජනතා අපේක්ෂාවන් බිඳ වැටෙමින් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.