මෙන්ඩිස් සමාගමට යළිත් මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා සුරා බදු දෙපාර්තමෙන්තුව විසින් අවසර ලබා දී ඇති බව වාර්තා වෙයි.
කෝටි ගණනක බදු වංචාවක් හේතුවෙන් එම සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා ලබාදී තිබූ බලපත්‍රය තාවකාලිකව නවතා දමා තිබුණි.
කෙසේ වෙතත් දැඩි කොන්දේසි යටතේ ඔවුන්ට යළිත් මත්පැන් නිශ්පාදනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි.
බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරයෙක් වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ හිමිකාරිත්වය යටතේ මෙන්ඩිස් සමාගම පවතියි.