මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට ප්රකටව සිටි 'මාකඳුරේ මධුෂ්' හෙවත් මදුෂ් ලක්ෂිත ඇතුළු පිරිසක් ඩුබායි සුපිරි හෝටලයකදී ඊයේ (05දා) අළුයම ඩුබායි පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඩුබායි ආරක්ෂක අංශය වෙත ලැබුණු 'සුවිශේෂ බුද්ධි තොරතුරකට අනුව' ඩුබායි පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් පිරිස අතර සාදයට සහභාගී වී සිටි ජනප්‍රිය ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදිමාල් පෙරේරා හා රංගන ශිල්පියෙකු වන රයන් වැන්ඩස්ට්රායිද තබ්ලාවාදකයෙක් ද සිටිති.
සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඳුන්වනු ලබන රණාලේ චුට්ටා, අංගොඩ සුද්දා, කෙසෙල්වත්තේ දිනුක, මාලිගාවත්තේ කංජිපානි ඉම්රාන් යන පිරිසක්ද අත්අඩංගුවට පත්ව තිබේ.
මාකඳුරේ මධුෂ් විසින් අදාළ හෝටලය තුළදී උපන්දින සාදයක් පවත්වා තිබෙන අතර, ඒ සඳහා එරට තුළ රැඳී සිටින අපරාධ චෝදනා හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වූ කීපදෙනෙකුටද ආරාධනා කර තිබී ඇත.
මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තිබී හෙරොයින් හා කොකේන් මත්ද්‍රව්‍ය සැලකිවයුතු ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවටද වාර්තා වේ.
මීට කලකට පෙර, මෙරට මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකුවන 'කළු තුෂාර' නමැත්තාගේ බිරිඳ සමග මධුෂ් වාසය කර තිබෙන බවට වාර්තා වන අතර, කළු තුෂාරගේ බිරිඳගේ දරුවාගේ පළමු උපන්දිනය වෙනුවෙන් ඩුබායි හි සුපිරි හෝටලයක මෙම උපන්දින සාදය පවත්වා තිබෙන බවට වාර්තාවේ.
ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ආරාධනා කර සිටි ගායන හා වාදක ශිල්පීන් කීපදෙනෙක් හා සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනෙක් පසුගිය ජනවාරි 31 වැනිදා, පෙබරවාරි 02 සහ 03 යන දිනවල කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ආරක්ෂක බුද්ධි අංශ වාර්තා කරයි.