Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු වූ බවත් වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැකි බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළයුතු බවත් දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින් ද දෛනිකව ආසාදිතයන් වාර්තා වීම මගින් වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි බව පෙනී යන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (09දා) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපතිවරයා පැවැසීය.
කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටළුවකි. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරන්නේ යයි ජනාධිපතිවරයා කියා සිටී.
“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය” ජනාධිපතිවරයා පැවසීය.
“කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර දෙමින් පළමු අදියරේදීම සුවපත් කිරීමට වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හැකි වී තිබේ. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍ය නොවීය. රෝග ව්‍යාප්තිය මර්දනයට සහ අසාදනය වීමෙන් වැළකී සිටීමට ජනතාව ද නොමඳව සහය විය යුතුය” ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් වෛද්‍යවරුන් මගින් ජනතාව ගෙන යාම මාධ්‍ය ක්ෂේත්රයේ විශාල වගකීමක් සහ යුතුකමක් බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
“පහසුම දේ රට වසා දැමීමයි. නමුත් මිනිසුන් ජීවත් කළයුතුය. රැකියා කෘෂි, ධීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම මගේ වගකීමක්. PCR පරීක්ෂණ සඳහා රජය දිනකට වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධිකය. නිරෝධායනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය සඳහා දෛනිකව අතිවිශාල මුදලක් වැය කෙරේ. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයට ගොදුරු වීමෙන් වැළකී සිටීමට “පුද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්” ජනාධිපතිවරයා පැවසීය.
popular news
Demuni Uduwara Monday, 09 November 2020 11:21 PM
He should be answerable, first.
Reply : 0 0
Showma thama no work Tuesday, 10 November 2020 05:22 AM
meke inne his deshapalakayoyi, hamuda karayoyi, police pathi wenna colours penna nna dagalana kattiyayi witharayi. Aththama wadagath "wasabngatha roga" visheshaknayo aththema naha. egollo back seat eke. Ehema thiyagena janathawata agilla dik karanawa wagalkeemen wada karanne nahalu. KAuda senaga piriwaragena kawadawath nothibuna Rajya katina pinkamak kole. Janathawada Rajya nayakayade. Habayi neethiyen uparima 25lu puluwan. Kapuwa dewale renawa kiyanne oka thama. Kakuluwa harahata yamin pataunta kelin yannalu. Kauwa iskole lamayi hamuwennamask nathiwa giye. BAriwela wath kollek kata kadichcha kamata ahuwanam sayama uiwarayine. Wipakshe kiyanawa wage kattiyama ath dekatama 70USD gewala Chineese injection eka gahagena wage.
Reply : 0 0
Tarzan Tuesday, 10 November 2020 05:26 AM
Madya ha Janathawa wagakeemen buddhimathwa wada kalanam "wada bari Tarzen" kenek balayata genewida? Oka thama api kiuwe Sajith witharak neme GOTA th incapacity kiyala. ekata ananthawath udaharana ewenakota thibilath nodakka wage hitiyanam 69lakshe neme dan ithin mulu ratema ayata sapaganna thama thiyenne.
Reply : 0 0
Lelwala Tuesday, 10 November 2020 07:36 AM
Why people are hiding or suicide when they are infected or suspected covid? 1. Military, police PHI they all chasing and asking their personal life. 2. Some time parents have covid children have not. Then they take them hospital or quarantine center no one is caring children . Some time they have Pet in house no one caring their pet. 3. Society is hating them , lost their jobs , lost their income. 4.PHI come and stick the quarantine notice on front of house and video and release to the media. 5. Covid patients has no rights. 6. Do you think if some one from health , police , military or government if they suspected I don’t think they notice the quarantine notice and release to the media. Society hated them as infectious disease.
Reply : 0 0
Wimal Friday, 13 November 2020 07:28 AM
Naduth hamauduruwange badutth hamuduruwange
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd