මාධ්‍යවේදියෙකුට පහරදුන් බවට සැකපිට කෝපායි පොලීසියේ වැඩබැලූ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන මෙම නිලධාරියා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රුපියල් 50000ක ශරීර ඇප මත මුදාහැර තිබේ.
පසුගිය 19දා කෝපායි ප්‍රදේශයේදී බස් රථයක් හා යතුරුපැදි දෙකක් ගිනිගැනීම පිළිබදව විමර්ශන කිරිමට පැමිණ සිටි වැඩබලන ස්ථානාධිපතිවරයා හා මාධ්‍යවේදියා අතර බහින් බස් වීමක් ඇතිව තිබේ.
පසුව පොලිස් නිලධාරියා තමන්ට පහර දුන් බවට කළ පැමිණිල්ලකට අනුව යාපනය පොලීසිය කළ විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
නඩුව නැවතත් මාර්තු 26 යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගැනීමට නියමිතය.