මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 30,547 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 16,431 කි. නුවරඑළියදිස්ත්රික්කයෙන් ආසාදිතයින් 8,186 ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,930 දෙනෙකුද මේ දක්වා වාර්තා වී ඇත.
මධ්‍යම පළාත තුළින් අද (22) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යා 90කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 58ක්, මාතලේ දිස්ත්‍රික්කයේ 18ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 14ක් ලෙසිනි.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්