මහනුවර සිට යාපනය දක්වා දිවෙන පෞද්ගලික බස්රථ වලින් අවිධිමත් අයුරින් මුදල් අයකරන බවට මගී ජනතාව චෝදනා කරති.
ඇතැම් පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරුන් ටිකට් පතක් නොදි මුදල් ලබාගන්නා බවත් ඉතුරු මුදල් ඉල්ලූ විට විවිධ වචන භාවිත කරමින් මගහරින තත්ත්වයක් උද්ගතව ඇතැයි විවිධ සිද්ධීන්ට මුහුණදුන් මගී ජනතාව කියා සිටිති.
ඉතිරි මුදල් ලබානොදි ටිකට්පත් නිකුත් කරන ඇතැම් කොන්දස්සරවරුන් මගී ජනතාවට ආමන්ත්‍රණය කිරිමේ දී පවා නොහික්මුණු ගති ඇත්තවුන් සේවයට එක්වී සීටීම කනගාටුවට කරුණක් බව ද මගීහු කියා සිටිති.
මේ අතර සවස් කාලයේ මාතලේ සිට නාඋල දක්වා පෞද්ගලික බස් රථයකින් පැමිණි මගියෙකු කියා සිටියේ බස්රථය තුළ කොන්දොස්තර මහතෙකුගේ අශෝභන හැසිරීමක් බස් රථයේ ඇති පැමිණිළි දැන්වීම සදහා ඇති දුරකතන අංකයට දැන්වුව ද ඉන් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
කෙසේ වෙතත් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ නියාමනය වන පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මෙන්ම පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් ද විමසීමක් කළෙමු.
එහි දි එම ආයතන වල ප්‍රකාශකයින් කිහිපදෙනෙක් කියා සිටියේ පෞද්ගලික බස් රථ මගින් සිදුවන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් මගී ජනතාවගේ පැමිණිලි වලට අමතරව එම ආයතන ද සොයා බලන බවයි.
නාඋල - ඉන්දික කුමාර