මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් අද (29) දක්වා වාර්තාවන සමස්මත කෝව්ඩ් මරණ සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් මරණ 424ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් මරණ 129 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් මරණ 107ක් වාර්තා වීමත් සමඟ ය.
මධ්‍යම පළාත තුළින් (29) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව මරණ සංඛ්‍යාව 16ක් වන අතර එම මරණ මහනුවර දිස්ත්‍රික්කයෙන් 13 ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 02 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 01ක් ලෙසින් ඒවා වාර්තාවේ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්