මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ අද 28 වන විට 630 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව අද 28 වනදා වන විට මධ්‍යම පළාතෙන් කොවිඩ් ආසාදිත මරණ 630 ක් වාර්තා වී ඇති බවත් මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 403 මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 105 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 122 ක් වශයෙන් මෙම මරණ 630 වාර්තා වී ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර පැය 24 ක් තුල මධ්‍යම පළාතෙන් මරණ 10 ක් වාර්තා වී ඇති බවත් එම මරණ අට මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ අටක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ දෙකක්ද වශයෙන් වාර්තා වී ඇති බවත් සෞඛ අංශ කියයි.
මහනුවර මොහොමඩ් ආසික්