මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 23 වනදා පෙරවරුව දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 1345 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අද 23 වනදා පෙරවරුව දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 866 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 37ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 260 ක් වෙයි . නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණ 154ක් වෙයි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මාතලේ මහනගර සභා කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණයක් 19 ක් වෙයි.
අද 23 වනදා පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් අට දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 10 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් හත් දෙනෙකුද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ හතරක්ද වාර්තා වී තිබේ.
මහනුවර මොහොමඩ් ආසික්