මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද පෙරවරුව වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 506 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අද පෙරවරුව දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 294ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 78ක් වෙයි . නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණය 57ක් වෙයි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණයක් නවයක් වෙයි.
අද පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් 12 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 14 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.
මහනුවර මොහොමඩ් ආසික්