මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 27 පෙරවරුව වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 339 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අද පෙරවරුව දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 184 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 53 ක් වෙයි .
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණය 37ක් වෙයි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණයක් නවයක් වෙයි.
අද පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් හත් දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් පස් දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන් දආසාදිතයින් නව දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාත තුල පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙවුණු පැය 24ක කාලය තුල ආසාදිතයින් 34 දෙනෙකු ඇතුලත් කරනු ලැබ ඇති බවත් ආසාදිතයින් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා ගෙවුණු පැය 24 තුල නිවෙස් වෙත ගොස් ඇති බවද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
මහනුවර මොහොමඩ් ආසික්