මේ වන විට මධ්‍යම පළාත තුළින් කොවිඩ්-19 රෝගීන් 28 දෙනෙකු හමුවී තිබෙන බවමධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .
එම ආසාදිතයන් අතුරින් වැඩිම ප්‍රමාණයක් වන විසි දෙනෙකු මහනුවරින්ද මාතලේ දිස්ත්‍රික්කයෙන් හය දෙනකුද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු ද වශයෙන් හමු වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පවසා සිටින්නේ .
මහනුවර දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙන කොවිඩ්-19 ආසාදිතයන් අතුරින් වැඩිම ප්‍රමාණයක් නාවික හමුදා සෙබලුන් බව පවසන අධ්‍යක්ෂකවරයා ඉකුත් දා අකුරණ ප්‍රදේශයෙන් සොයාගත් ආසාදිතයන් හත් දෙනා හැරෙන්නට වෙනත් කිසිදු ආසාදිතයෙකු මෙතෙක් මහනුවරින් හමුවී නොමැති බවයි අධ්‍යක්ෂකවරයා අවධාරණය කර සිටින්නේ .
කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහනුවර ජාතික රෝහලට අමතරව තෙල්දෙණිය රෝහලද වැඩිදියුණු කර ඇති බවද ඒ මහතා පවසයි .
මේ අතර කොවිඩ්-19 රෝගීන් සඳහා සිදු කරන පි.සි.ආර්.පරීක්ෂණ මහනුවර ජාතික රෝහල මගින් මේ වන විට දෙදහසක් සිදු කර ඇති බවත් එම පරීක්ෂණ තවත් වැඩි කිරීමට පියවර ගන්නා බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය .