වෘත්තීයවේදීන් හා විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් කොට්ටාව, ඔරුගොඩවත්ත, අනුරාධපුර, නුවරඑළිය, අවිස්සාවේල්ල සහ හොරණ යන ප්‍රදේශවල නිවාස 1,900ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මධ්‍යම පාන්තික ප්‍රජාවගේ ඉහළ යන නිවාස ඉල්ලුමට සරිලන ලෙස නිවාස සැපයීම සඳහා රජය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.