ශ්‍රී ලංකාවේ මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් දැරිය හැකි මිලකට නිවසක් මිලදී ගැනීමට හැකිවන පරිදි නිවාස ව්‍යාපෘතියක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.රජය සතු ඉඩම්වල මෙම නිවාස ඉදිකිරීමට නියමිතය.
රාජ්‍ය හා පෞද්ගලික ඒක්බද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. සහන පෙලී අනුපාතිකයන් යටතේ වසර 20-30ක් තුළ ගෙවී යන පිරිදි මෙම නිවාස ජනතාව වෙත ඉදිකර ලබාදීමට අපේක්ෂිතය.