පෝස්ටර්, බැනර් හා අවිධිමත් වෙළද නාම පුවරුවලින් අපවිත්‍රවී ඇති මහනුවර නගරය අලංකාරවත් නගරයක් බවට පත් කිරීම සඳහා මහනුවර නගරය තුළ වූ සියලුම පෝස්ටර් ඉවත් කිරීම අද (27) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ආරම්භ කෙරිණ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සහ මහනුවර මහ නගරාධිපති කේසර සේනානායකන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරයේ තිබුණු පෝස්ටර් ඉවත් කිරීම සිදු කෙරිණ.
පුද්ගලික උපකාරක පංති, දේශපාලන වැඩසටහන්, විවිධ වෙළද දැන්වීම්වලින් යුතු පෝස්ටර් රැසක් ගලවා ඉවත් කෙරුණු අතර නගරයේ දිරා ගිය ගස්වල අතු ඉවත් කිරීම ද මහනුවර මහ නගර සභාවේ සේවකයන් විසින් මෙහිදී සිදුකරනු ලැබීය.
පැය තුනක පමණ කාලයක් මෙම ශ්‍රමදාන ව්‍යාපාරය මහනුවර නගරයේ ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක විය. ඒ අනුව මහනුවර නගරයේ අවිධිමත් පරිදි පෝස්ටර් ඇලවීම තහනම් කරන බවත් එලෙස පෝස්ටර් අලවන පිරිස් සම්බන්ධයෙන් ඉදිරියේදී නිතිමය පියවර ගන්නා බව මහනුවර පුරපති කේසර සේනානායක මහතා ප්‍රකාශ කළේය.
චමිල් රූපසිංහ