අවුරුදු පහක් තිස්සේ වැඩ ආරම්භ නොකර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ වැඩ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික අත්තිකාරම් මුදල ගෙවා දැමීමත් සමගින් එහි වැඩ ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
වැඩ ආරම්භ කිරීමට මූලික අත්තිකාරම් මුදලද ඊයේ (25දා) ගෙවා දමා තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම වෙනුවෙන් මූලික අත්තිකාරම් මුදල වන කොන්ත්‍රාත් මුදලින් 15% ක් දේශීය අරමුදල් වලින් ගෙවිය යුතුය. එම අත්තිකාරම් මුදල් වන රුපියල් බිලියන 16.67 ක් ඊයේ 2020.08.25 දින කොන්ත්‍රාත් ආයතනය වෙත ගෙවන ලදී.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි දුර ප්‍රමාණය කිලෝමීටර 36.54 කි පලල මීටර 24.4 ක් වන අතර මන්තීරු හතරකින් සමන්විතය. ගුවන් පාලම් දුර කිලෝමීටර 13.24 කි.
මේ සදහා ඇස්තමේන්තු කර ඇති කොන්ත්‍රාත් මුදල රුපියල් බිලියන 158 කි.
පසුගිය රජය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිනොකර ප්‍රමාද කිරීම හේතුවෙන් තවත් බිලියන 25 කපමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇති බවට අමත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි. මෙසේ වැඩිපුර මුදල් ගෙවීමට සිදු වන්නේ අවුරුදු 5 ක් වැඩ ආරම්භ නොකොට ප්‍රමාද කිරීම නිසාය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වහාම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බවද අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීමට වසර 4ක් ගත වුවත් වසර 3 ක් ඇතුලත මෙහි ඉදිකිරීම් වේගවත් කොට අවසන් කර ජනතා අයිතියට පත්කරන බව අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් පැවසීය