මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 260ක් වාර්තා විමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (14) ගෙවුණු පැය 24 කාලය වන විට 12840ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 7451කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2920දෙනෙකුද නුවරඑළියදිස්ත්රික්කයෙන් ආසාදිතයින් 2469දෙනෙකු ද වාර්තා වී ඇත.
මධ්‍යම පළාත තුළින් ඊයේ ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 260කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 147ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 80ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 33ක් ලෙසිනි.
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 136ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 78ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 33ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 25 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්