සිංහල - හිංදු අලුත් අවුරුදු උත්සව නිමාවත් සමඟ මැදවච්චිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයින් 04 දෙනෙකුට සහ එම ආයතනයේ ප්‍රධාන කළමනාකරුටත්, මැදවච්චිය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නේවාසිකාගාරයක සිටි දෙදෙනෙකුටත් අද (20) දා වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
පසුගිය(15) , (17) සහ (20) වන දින ලැබුණු පී.සී.ආර් පරික්ෂණ වාර්තා වලට අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් මැදවච්චිය නගරයේදී පමනක් හය දෙනෙකු මෙසේ හදුනාගෙන ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙම පුද්ගලයින්ගේ පවුල් වල් සාමාජිකයින් සහ ආශ්‍රීතයින් මේ වන විට ස්වයං නිරෝධායනය කටයුතු වල යොදවා ඇත.
ඒ අයගේ ද පී.සී.ආර් පරික්ෂණ මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මේ වන විට සිදු කර ඇත.