මූල්‍යමය බාධාවන් හේතුවෙන් ජනතාවට ප්‍රතිකාර නොලැබී යාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් රජයන්ගෙන් ඉල්ලා සිටියි.
කෙවිඩ්-19 පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියේදී වීඩියෝ සබැඳියක් හරහා අදහස් දක්වමින් ටෙඩ්රොස් මේ බව ප්‍රකාශ කළේය.
"වසංගතය හමුවේ බොහෝ රටවල් කොවිඩ්-19 සඳහා නොමිලේ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදී තිබෙනවා. ඔවුන්ගේ ජනගහනය සඳහා නොමිලේ එන්නත් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. රෝගීන්ට මුදල් ගෙවීමට ඇති හැකියාව ඔවුන්ගේ අසනීප හා සෞඛ්‍යය හෝ ජීවිතය හා මරණය අතර වෙනස නොවිය යුතු බව ඒ රටවල් හඳුනාගෙන තිබෙනවා." ඔහු පැවසීය.
"පිළිකා, හෘද රෝග, HIV, ක්ෂය රෝගය හෝ මැලේරියාව වැනි අර්බුදයකටද එය සත්‍යයක් විය යුතු නොවේද? අර්බුදයක් වළක්වා ගත හැකි සාමාන්‍ය ප්‍රතිශක්තිකරණය, මාතෘ රැකවරණය සහ දුම්කොළ නිෂ්පාදන පාලනය වැනි ක්‍රමවේද සඳහාද එය සත්‍යයක් විය යුතු නොවේද? ඒ වගේම මේ රෝගාබාද සමග ගනුදෙනු කිරීමේ පිරිවැය සඳහාද එය සත්‍යයක් විය යුතු නොවේද?" ටෙඩ්රෝස් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සතිය මුලදී, එක්සත් රාජධානිය කොවිඩ්-19 එන්නත් ජනතාවට ලබාදීම අනුමත කළ පළමු වැනි රට බවට පත්විය. එතැන් සිට ප්‍රංශය, ජපානය සහ ෆින්ලන්තය වැනි රටවල් තම පුරවැසියන්ට නොමිලේ එන්නත ලබා දීමට ප්‍රතිඥා ලබාදී තිබේ.
කොවිඩ්-19 වසංගතයට එරෙහි ගෝලීය සටනේදී අනෙකුත් රටවල් පසුගාමී නොවන බව සහතික කිරීම සඳහා එන්නත සමානව බෙදා හරින ලෙස ටෙඩ්රොස් සිය දේශනයේදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.