මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුව නොමග යවන බවත් නොළකා හරින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මුදල් අමාත්‍යාවරයාගෙන් ඇසූ ප්‍රශ්ණයකට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කල් ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
තමා ඇසුවේ 2016 වසරේ අයවැයට සම්බන්ධ ප්‍රශ්ණයක් බවත් එයට පිළිතුරු නොදීමෙන් මුදල් අමාත්‍යාංශය පාර්ලිමෙන්තුවට තොරතුරු වසන් කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙයට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ 2017/2018 හා 2019 වෙනුවෙන් ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු දුන් බවත් 2016 වසරේ ගැටලුවක් නිසා කල් ඉල්ලූ බවත්ය.