මුදලට සූදු ක්රීඩාවේ නිරත වෙමින් සිටි පුද්ගලයන් එකොළොස් දෙනෙකු අඟුණකොළපෑලැස්ස ප්රදේශයේදී අද (21) අලුයම අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුණකොළපෑලැස්ස ප්රදේශයේ පදිංචි අයවලුන් බව පොලිස් නිලධාරීහු පවසති.
අඟුණකොළපෑලැස්ස ගමරාළගම ප්රදේශයේ නිවෙසක කාමරයක් තුළ මොවුන් මුදලට සූදු ක්රීඩාවේ නිරත වෙමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.
එම ස්ථානයේ තිබී මුදලින් රුපියල් හාරදහසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවෝ අද (21) අලුයම 12.30ට පමණ පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.