ජලය එක්රැස්වන අයුරින් පරිසරය අපවිත්‍රව පවත්වාගෙන යන ස්ථානවල මදුරු කීටයින් සිටීදැයි සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නිල සුනඛයින් පුහුණුකිරීම සාර්ථක වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
මහනුවර පොලිස් සුනඛයින් පුහුණුකිරීමේ ඒකකය විසින් සිදුකළ පුහුණුකිරීමකින් අනතුරුව පොලිස් නිල සුනඛයින් වන ජොනී හා රොමා යන සුනඛයින් මේ වන විට සාර්ථකව මදුරු කීටයන් හඳුනාගන්නා බවද ඔහු පැවැසීය.
ඒ අනුව ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා මෙම නිල සුනඛයින් යොදා ගන්නා බවත් තවත් සුනඛයින් මේ ආකාරයට පුහුණු කරන බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා පොලිසීය සතුව නිල සුනඛයින් 200කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන් විවිධ වූ පොලිස් මෙහෙයුම් සඳහා සාර්ථකව සහාය දක්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.