පුත්තලම මද්රාසා පාසලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
නීතිපතිගෙන් ලැබුණ උපදෙස් අනුව මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ දිනයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් අවුරුදු 26 හා 27 යන වයස්හි පසුවන්නන් වෙයි.
මෙම මද්රාසා පාසලට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් පැමිණ දේශන පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.